පාස්කු කොමිෂන් සභා වාර්තා අධ්‍යනය සඳහා පත්කළ කමිටු වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත භාර දීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඊයේ (22) උඩුගම්පල පැවති රන්ලිය අරුණ කාන්තා වැඩසටහනින් අනතුරුව මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීම් වලට පිළීතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ කතෝලික සභාව ඉදිරිපත් කොට ඇති මතය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කළ බවයි.
ඒ අනුව පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ නැවත අධ්‍යනය කොට අඩුපාඩු සකස් කොට ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නැයි ත්‍රස්ත විමර්ශන ඒකකට සහ රහස් පොලීසියට නිර්දේශ කිරීමට අපේක්ෂා කෙරේයි.
පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් සෑහීමට පත්වන්නේදැයි මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම සහ ඒවායේ අඩුපාඩු පිළිබඳව නැවත සාකච්ඡා කිරීමක් සිදුකළ බවත්ය.
කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මේ වන විට රටම දන්නා නමුත් ඒවායේ පැවති ඇතැම් ගැටලූ සහගත තත්වයන් සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රහස් පොලීසියය පරීක්ෂණ පවත්වනු ලබයි.
මෙම කොමිෂන් සභා වාර්තාව භාර දී තවමත් කෙටි කාලක් බැවින් හරි දේ හරියට කිරීමට කාලය ගතවීම ගැටලුවක් කර නොගෙන නිවැරදි තීරණ ගැනීමට පාස්කු කොමිෂන් සභා වාර්තා අධ්‍යනය සඳහා පත්කළ කමිටුව පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.