පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 85ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතරින් 65ක් CID භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන අතර එයින් 8 දෙනෙක් කාන්තාවන් වෙයි.
තවත් 20ක් ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ තබාගෙන ප්‍රශ්න කරන ඇතරයි ඒ අතරින් 2ක් කාන්තාවන් වෙයි.
කල්මුණේ සයින්දමර්දු හිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් අත්ඩංගුවට ගැනීමට ඇතතේ ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන් අය පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.