පස් කන්දක් කඩා වැටී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි. පේරාදෙණිය රණබිම ප්රදේශයේ පඩි පේළියක් සකස්කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු මතට පස් කන්දක් කඩා වැටී මෙසේ ඔවුන් ජිවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 64ක් වන රණබිම ගන්නෝරුව පදිංචි පුද්ගලයෙක් හා අවුරුදු 37ක් වන පල්ලෙගම හල්ඔළුව පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.