ආණමඩුව මහ උස්වැව එක්ම පවුල් කණ්ඩායමක 17 දෙනෙකු කොරෝනා ආසාධිතව ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය අද (10දා) පැවසිය.
මෙසේ කොරෝනා ආසාධිතව ඇත්තේ මහ උස්වැව ඥාති පවුල් කිපයක පිරිසකටය.
එම පිරිසේ පුත්තලම විදුලි අධිකාරි කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන විදුලි මනු කියවන්නෙකු සිටින බවද වාර්තා වෙයි.
අදාළ ඥාති පිරිස එක්වී පවුලේ සමිතියක් එක් නිවසක පවත්වා ඇති අතර ඒ සඳහා සහභාගි වූ පිරිස මෙසේ ආසාධිත වී තිබේ.