වර්ජනයක නිර්ත පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය අද උදෑසන සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වී ඇති බැවින් වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට එම සංගමය තීරණය කර තිබේ.
ඔවුන් නිකුත් කළ නිවේදනය
‘පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද බලමණඩලය සමග අද උදෑසන සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැත්වූ සාකච්ඡාවේදී, ඉල්ලීම් පිළිබඳව කිසිදු නිශ්චිත තීන්දුවක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරිය අපොහොසත් වීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගය ඇඛණ්ඩව ඉදිරියට ගෙනයාමට පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කරන ලදී.
ප්‍රධාන ගැටළු කිහිපය සදහා අවම තරමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ධනාත්මක අභිලාෂය හැගවීම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබියදී, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේද, නැත්ද යන්න තීරණය කිරීමට අමාත්‍යවරිය විසින් සතියක කාලයක් ඉල්ලා සිටීම මගින්, තීරණ ගැනීමට ඇයට බලපෑමක් පවතින බව ඉතා පැහැදිළිය. එබැවින් මෙම ගැටළුව විසඳීම සදහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බැවින්, ඊට මැදිහත් වෙන ලෙස අප ඉල්ලා සිටිමු.
ඒ අනූව වර්ජන ක්‍රියාමාර්ගය හෙට දවසේදීත් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට සිදුවන බව කණගාටුවෙන් දන්වමු’