මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස හතරක් තිස්සේ පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසති.
ලක්ෂපාන , නව ලක්ෂපාන , කැනියොන් , විමලසුරෙන්ද්‍ර , පොල්පිටිය යන ජල විදුලි බාලාගර වලට ප්‍රධාන වශයෙන් ජලය සපයන මවුස්සාකැලේ සහ කාසල්රි යන ජලාශවල ජල මට්ටම පහළ බසිමින් පවතිනවාත් සමග එම ජලාශ ඉදි කිරිමේදි යටවු නටඹුන් රැසක් මේ වනවිට මතු වෙමින් පවති.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පහළ බැස තිබුණද ජල විදුලි බලාගර වල විදුලි උත්පාදනය සිමා කර නොමැති බවයි විදුලි බාලගාර ඉංජිනේරුවන් කියාසිටියේ.