නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු 1029 මගි ප්රවාහන දුම්රියේ පිලි පැනිමට ලක්වු දුම්රිය මැදිරිය පිලිගත කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු 1029 මගි ප්රවාහන දුම්රිය අද (18) දින උදැසන 9.30ට පමණ වටවල සහ ගලබෙඩ දුම්රිය ස්ථාන දෙක අතර වේවැල්තලාව 98 සැතපුම් කණුව අසලදි එම දුම්රියේ මැදිරියක් පිලි පැනිමට ලක් විය.
දුම්රිය මැදිරිය පිලි පැනිම නිසා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත් , ධාවනය වු පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රියන් , විශේෂ දුම්රියත් , දුම්රිය මැදිරිය පිලි පැනිමට ලක්වු ස්ථානය දක්වා ධාවනය කර මගින්ව දුම්රියන් අතර මාරු කර සිය ගමනාන්තය දක්වා යැවිමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබුණි.
දුම්රිය මැදිරිය පිලි පැනිම හේතුවෙන් දුම්රිය මාර්ගයටද අලාභ හානි සිදුවි ඇත.