බොරලැස්ගමුවේදී සිදුවූ අනතුරකින් පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානයේ සේවය කරන අවුරුදු 51ක් වන පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
අද අලුයම මෙම අනතුර සිදුව ඇත. පොලිස් පරීක්ෂකවරයා හා ඔහුගේ පවුලේ උදවිය ගමන් කළ මෝටර් රථය වෙසල් රථයක ගැටී සිදුවූ අනතුරකින් පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම අනතුරින් මරණකරුගේ බිරිඳ, අවුරුදු 21ක් වන පුතෙක් කලුබෝවිල රෝහලේ ප්රතිකාර ලබන අතර අවුරුදු 5ක් වන පුතෙක් වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
වෙසල් රථය පැදවූ රියදුරුවරියද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පොලිස් භාරයේ කලුබෝවිල රෝහලේ ප්රතිකාර ලබයි.