දීර්ඝ කාලීනව උසස්වීම් නොලබා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා සිටින සිටින කාන්තා හා පිරිමි පොලිස් නිලධාරීන්ට එක් වරක් පමණක් බලපාන පරිදි උසස්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේදී පසුගිය කාලය තුළ නිසි ක්‍රම‘වේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් අවශ්‍ය සුදුසුකම් සපුරා තිබියදීත් පොලිස් කොස්තාපල්තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා වන තනතුරු සඳහා උසස්වීම් ලැබීමට කාන්තා සහ පිරිමි පොලිස් නිලධරයන් විශාල පිරිසකට නොහැකි වී ඇත.
නියමිත බඳවාගැනීමේ පටිපාටි අනුමතව පැවතිය ද ඒ අනුව අදාළ උසස්වීම් සිදුකර නොමැති බව පෙනීගොස් තිබේ. එම හේතූන් මත එක් එක් අවස්ථාවලදී ලබාදී ඇති උසස්වීම් අභියෝගයට ලක්කරමින් ශ්රේෂ්ඨාධිදිකරණයේ නඩු 50කට ආසන්න සංඛ්‍යාවක් විභාග වෙමින් පවතී.
පොලිස් මූලස්ථානය විසින් පත්කරන ලද කමිටුවක් විසින් එම තත්ත්වය අධ්‍යනය කර අදාළ උසස්වීම් ලබාදීම සඳහා යෝජනාවලියක් සකස් කර ඇත. ඒ අනුව තවදුරටත් දීර්ඝකාලීනව උසස්වීම් නොලබා සිටින පොලිස් කොස්තාපල්,කාන්තා පොලිස් කොස්තාපල්, පොලිස් සැරයන්, කාන්තා පොලිස් සැරයන්, උප පොලිස් පරීක්ෂකවරුන් , කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන්, පොලිස් පරීක්ෂකවරුන් සහ කාන්තා පොලිස් පරීක්ෂකවරියන් සඳහා උසස්වීම් ලබාදීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට පරිත්රකාව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.