කුරුණෑගල මහනුවර මාර්ගයේ රථවාහන රාජකාරියේ යෙදී සිි නිලධාරීන් තිදෙනෙකුගෙන් එක් පොලිස් කොස්තාපල්වරයෙක් ජීප් රථයකන් හප්පා පළාගිය සැකකරුවෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා මෙම අනතුර සිදුකර පළාගොස් තිබූ අතර සැකකරු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගන තිබේ. අනතුරුව කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එළැඹෙන 22 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව පොලීසිය පවසයි.