මහඔය පොලිස් ස්ථානයට අනියුක්තව රථ වාහන අංශයේ රාත්රී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී ගිනිඅවිය අස්ථානගත වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
පසුගිය 27 දා රාත්රියේ මෙසේ ගිනි අවිය අස්ථානගතවී තිබේ. පිස්තෝල අවිය හා උණ්ඩ 08ක් අඩංගු පතරොම් ගැබ මෙසේ අස්ථානගතවී තිබේ. මහඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.