ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ පළමු කාන්තා නිලධාරිනිය ලෙස බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය ඉතිහාසයට එක්වූවාය.
ඒ දැනට පුරප්පාඩුව පවතින සුබසාධක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ඇය පත්කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කිරීමත් සමගිනි.
පසුගිය 08 වැනිදා සිට ඇය මෙම තනතුරට පත්කර තිබේ. ඇය ජ්‍යෙෂ්ඨත්ව අනුව ඉහළින්ම සිටින කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියද වෙයි.
මේ පිළිබඳ පොලිස් කොමිෂන් සභාවේ නිවේදනය.
“2020.10.08 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජ්‍යෙෂ්ඨතාවයෙන් ඉහලින්ම සිටින කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය දැනට පුරප්පාඩුව පවතින සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස රාජකාරී ඉටුකිරීමේ පදනම මත 2020.10.08 දින සිට පත්කිරීමට අනුමැතිය ලබාදෙන ලදි”