ප්රජාතන්ත්රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින උද්ඝෝෂකයන් මර්දනය සඳහා පොලිසිය නිරෝධායන පනත අවභාවිත කරන බව පෙනී යන බැවින් වහාම මෙය නිවැරදි කිරීමට කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියි.
පනතේ බලතල වෙනත් පාර්ශ්ව වෙත පැවරීම මගින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා බලාපොරොත්තු වූයේ අපක්ෂපාතී ජනතා විශ්වාසය රැකෙන පරිදි කටයුතු කිරීම වුවද මේ වනවිට පොලිසිය එය කි‍්‍රයාත්මක කරන ආකාරය දෙස බලන විට ජනතා විශ්වාසය පළුදුවෙමින් තිබෙන බවද එම සංගමය සඳහන් කරයි.
එබැවින් වහාම මේ සම්බන්ධව මැදිහත්වී පවතින තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගන්නැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් එහි ලේකම් සෙනාල් ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යවමින් දැනුම්දී සිටියි.