හබරාදුව නිලපියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට හා පොලිස් නිලධාරිනියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
ඊයේ (22) රාත්‍රී ලැබුණු පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවල ප්‍රතිපලවලට අනුව මොවුන් 05 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද හෙතෙම පවසයි.
පොලිස් නිලධාරින් දෙදෙනා පුනානි රෝහලට හා පොලිස් නිලධාරිණියන් තිදෙනා කඹුරුගමුව රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකළ බවද ඔහු පැවැසීය.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ වෙල්ලවිදිය පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරිකර ලබන පොලිස් පරික්ෂකවරයකු හා උපපොලිස් පරික්ෂකවරයකු සහ කොළඹ උතුර බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරණු ලබන කාන්තා පොලිස් කොස්තාපල්වරියන් තිදෙනෙකුටය.