නව රජයේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පොලිසියේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උසස්වීම් ලබා දීම සම්බන්ධව ක්‍රමවේදයක් සකස් කර වහාම ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
සුදුසුකම් ලත් අයගෙන් විධිමත් අයුරින් උසස්වීම් ලබා දීමේ නව රජයේ වැඩපිළිවෙල යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීමෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
වැඩබලන පොලිස්හාපති ඇතුළු පොලිස් නිලධාරින් මීට සහභාගි විය.