ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ස්කොට්ලන්ත පොලීසිය විසින් ලබාදෙන පුහුණුව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම තීරණය තවමත් ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම් දී නොමැති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේක මහතා පවසා ඇත්තේ ඒ පිළිබඳව තමන් නොදන්නා බවයි.
මෙම පුහුණුව ජනවාරි මාසයේදී තවත් වසර දෙකක් සඳහා නැවත අලුත් කරන ලද අතර එය 2023 දක්වා පැවැත්වීමට නියමිතය.
මානව හිමිකම් සංවිධාන සහ සමහර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේචන හේතුවෙන් එම වැඩසටහන නවතා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (එස්ඩීඅයිජී) අජිත් රෝහණ මහතාද සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා අතේතේ වසර 10 කටත් වැඩි කාලයක් ක්‍රියාත්මක වන බව කියන වැඩසටහන අත්හිටුවා ඇත්දැයි තමා නොදන්නා බවයි.