සිය සේවයෙන් ඉල්ලා අස්වෙන්න යැයි ජනාධිපතිවරයා දෙවරක් ඉල්ලීම් කර ඇතත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සේවයෙන් ඉල්ලා අස්වීමට තවමත් සූදානමක් නොපෙන්වා ඇතැයි වාර්තාවෙයි. ජනාධිපතිවරයා ඊයේ ජාතිය අමතා කියා සිටියේ ආරක්ෂක ප්රධානීන්ගේ වෙනසක් පැය 24 ක් ඇතුළත සිදු කරන බවයි. ඉන් පසු අද දිනයේ දී ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට සේවයෙන් ඉල්ලා අස්වෙන්න යැයි ජනාධිපතිවරයා දන්වා සිටියේය.