අපරාධ වැළැක්වීම සඳහාත්, රිය අනතුරු අවම කිරීම සඳහාත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ක්රියාත්මක වූ මෙහෙයුමකින් පුද්ගලයින් 3593ක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන නඩු 6542ක් ලබාගෙන තිබේ.
අද (08දා) අලුයම 3.00 සිට පෙ.ව. 7.00 දක්වා පොලිස් නිලධාරීන් 17155කගේ දායකත්වයෙන් මෙම මෙහෙයුම දියත් කර තිබේ. මෙහදී වරෙන්තුකරුවන් 1111ක් අත්අඩංගුවට පත්ව ඇති අතර බීමත්ව රිය පදවා 451ක් අත්අඩංගුවට ගෙන තිබේ.