පොලිස්පතිවරයාගේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් තමන් වුවද එකඟ නොවන බව සමකැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ, පොලිස්පතිවරයා විසින් විවිධ අවස්ථාවලදී සිදු කරන වගකීම් විරහිත ප්‍රකාශ හා නර්තන ඉදිරිපත් කිරීම් වැනි දෑ එම තනතුරට ගැළපෙන්නේදැයි මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළවිය.