වලල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත පදිංචි හෙදියකට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වලල්ලාවිට ප්රාදේශීය ලේකම් එම් රන්ජන් ප්රියශාන්ත පෙරේරා මහතා පැවසීය.
නිරෝධායනය වෙමින් සිටි මෙම හෙදියගේ පීසීආර් පරීක්ෂණයකින් ඊයේ දින මේ බව සනාථ වී ඇති බවත් ,ඇයගේ පවුලේ සෙසු සාමාජිකයන් ද පී.සී.ආර් පරීක්ෂණය සඳහා යොමු කරන බවද ප්රාදේශීය ලේකම්වරයා පැවසීය.