පසුගිය මැයි 08 වනදා බත්තරමුල්ල, පැලවත්ත ප්රදේශයේ දී ගොඩනැගිල්ලක දෙවැනි මහලේ ඇති කාමරයක තිබූ සේප්පුවක් සහ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සමබන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (01) උදෑසන සිදුකළ වැටලීමක දී කිරුළපන පොලිස් වසමේ දී එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරුවන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීමවලින් අනතුරුව පාදුක්ක ප්රදේශයේ කැලයක දමා තිබූ සේප්පුවක් පොලිස් භාරයට ගෙන තිබේ.
එහිදී අත්අඩංගුවට ගෙන ඇති දේපළ,
අමෙරිකානු ඩොලර් 100නොට්ටු127,මැලේෂියන් රිංග්රිට් 50 නෝට්ටු61,රන් වළලු02,රන් මුදු 11,රන් පෙන්ඩන්ට් 04
රන් මාල 01 ,රන් කරාබු ජෝඩු 03 ,ජංගම දුරකථන 03.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 38,43 හා 44 යන වයස්වල පසුවන කිරුළපන හා නාරාහේන්පිට ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (02) අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.