ශ්‍රී ලංකාවේ පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයේ හිමිකාර්තිවය යටතේ පවතින ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය සූදානම් වෙයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය විස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
එම වාර්තාව සකස්කිරීම සඳහා ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග ගිවිසුමකටද එක්ව තිබේ.
ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය විදේශ රටක ගුවන් තොටුපොළක් සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති පළමු අවස්ථාව මෙය බවද පැවැසෙයි.
ඔවුන් ඉන්දියාවේ ගුවන් තොටුපොළ 120ක් පමණ කළමනාකරණය කරයි.