අබලන් තත්ත්වයේ පවතින පළාලි ගුවන්තොටුපොළ සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට ගුවන් සේවා අධිකාරිය හා සංචාරක අමාත්‍යාංශය රුපියල් මිලියන එක්දහස් දෙසිය පනහක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හරහා මෙම ගුවන්තොටුපොළ නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙන අතර, එය A 320 ගුවන් යානා ගොඩබැස්විය හැකි ආකාරයට නවීකරණය කිරීමටද සැලසුම් කර ඇත.
මේ අනුව ධාවන පථය දිගු කිරීමටත් සැලසුම් කර ඇති අතර, නවීකරණය කිරීමෙන් පසු විකල්ප ගුවන්තොටුපළක් ලෙස භාවිත කිරීමටද සැලසුම් කර තිබේ.
මීට අමතරව හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ දියුණු කිරීමටද සැලසුම් කර තිබේ.අභ්‍යන්තර ගුවන් ගමන් ශක්තිමත් කිරීමේ අරමුණින් මේ වනවිට රත්මලාන ගුවන්තොටුපොළද නවීකරණය කරමින් පවතී.