කල්පිටිය පල්ලිවාසල්තුරේ වෙරළ තීරයේ රහසිගත ස්ථනායක සගවා තිබූ රුපියල් ලක්ෂ 40ට ආසන්න බීඩි කොළ තොගයක් කල්පිටිය පොලීසිය (31) අළුයම අත්අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගයේ කිලෝ 961ක් තිබූ බව කියයි.
මෙම බීඩි කොළ තොගය ඉන්දියාවේ සිට ධීවර යාත්රා මගින් මෙරටට නීති විරෝධි ලෙස රැගෙනවිත් අලෙවි කිරීම සදහා සගවා තබන්නට ඇති බව පොලිසිය විශ්වාස කරයි.
අදාල බීඩි කොළ තොගය සගවා තිබූ ස්ථානය වටලන අවස්ථාවේ සැකකරුවන් පලා ගොස් තිබූ බවත්, පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කල්පිටිය පොලිසියේ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පවසයි.
කල්පිටිය පොලිසිය විසින් මසක් ඇතුළත අත්අඩංගුවට ගත් දෙවැනි බීඩි කොළ තොගය මෙය බවත්, තීරු බදු ගෙවීම මග හැරීම සදහා මෙසේ නීති විරෝධි ලෙස මුහුදු මාර් ගයෙන් රැගෙන ඒම කලක සිට සිදුවන බව කියයි.
පුත්තලම හිරාන් ප්රියංකර ජයසිංහ