නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලයාන් යනුවෙන් හැදින්වෙන සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් ඇතුළු 07 දෙනාට එරෙහි මඩකලපුව මහාධිකරණයේ නිතිපති විසින් ගොනුකරන ලද චෝදනා සම්බන්ධවවූ විභාගය ලබන ජනවාරි මස 9 වැනි දින දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එම්.ම් ඉස්සදින් මහතා විසින් කල් තැබීය.
පසුගිය 2005 වසර නත්තල් සමයේ මඩකලපුව ශුද්ධවූ මරියාල් දේවස්ථානයේ ඝාතනය කරන ලද ද්‍රවිධ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජ සින්ගම ඝාතනයේ සැකකරුවන නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලයාන් නොහොත් සිවනේසතුරෛ සන්දිරකාන්තන් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.