පල්ලම නාගවිල ප්‍රදේශයේ පුද්ගලික ඉඩමකට නීතිවිරෝධි ලෙස සායනික අපද්‍රව්‍ය රැගෙන විත් පිලිස්සිමේ චෝදනාවට වතු හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල සායනික අපද්‍රව්‍ය පිලිස්සිම සිදුකල ඉඩම හිමි ප්‍රසිද්ධ මිනින්දෝරුවරයකු හා අදාල ඒවා ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයේ රියදුරු හා සහයකයා බව කියයි.
මෙම සායනික අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයට හා ඉඩමේ හිමිකරුට විරෝධය මතු කරමින් ජනතාව කැළඹි තිබු අතර සිද්ධියත් සමග පොලිස් නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැමිණ ලොරි රථය හා ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුනී.
මෙම ඉඩම පිහිටි පල්ලම නාගවිල නැඹඩවිල පදිංචිකරුවන් පවසන්නේ කලක සිට මෙම ඉඩමට මෙසේ ආවර්ණය කරනු ලබන ලොරි රථ ගමන් කල බවයි.
එසේම අවස්ථා කිපයකදිම ගම්වාසින් මෙම ලොරි රථය නවතා රැගෙන යන්නේ දේ පිළිබදව විමසා ඇති බවත් එසේ අවස්ථා වලදි රියදුරු ජනතාව රවටමින් ඉඩමට පොහොර ඇතුළු දෑ රැගෙන යන බව පවසා ඇති බව ජනතාව චෝදනා කරති .
කෙසේ වෙතත් මෙම ඉඩම තුළින් නිරන්තරයෙන් හමා ආ අධික දුමාරයත් සමග ශ්වසන ආබාධ ඇති විම නිසා ගම්වාසින් පිරිසක් මෙම ඉඩම තුළට ගොස් පරික්ෂා කිරිමේදි රෝහල් තුල භාවිතා කර ඉවත ලන සියලුම සායනික අපද්‍රව්‍ය දැවැන්ත වලක් තුළ පිළිස්සන බවට දැක ගැනිමට හැකිවු බව පවසයි.
ගම්වාසින් පවසන්නේ කිසිම අයකුට මෙම මිනින්දෝරුවාට අයත් ඉඩමට ඇතුල් විමට කිසිවකුට අවසර නැති බවත් ය .
ඒ සමගම අදාල ඉඩම වටා ආරක්ෂීත වැටක් සේම එම වැට ආසන්නයේ සිට මිටර් ගණනාවක් යන තුරු දැවැන්ත කෑලැවකින් වැසි තිබිම නිසා ඉඩම තුල සිදුවන කිසිවක් වෙනත් අයකුට දැකිමට නොහැකි බව ජනතාව පවසති.
සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකාර ඉඩම් හිමියා හා ලොරි රථ රියදුරු සහ සහයකයා ආණමඩුව අධිකරණයට අද දින ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනී.