සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්විමට නියමිතව තිබූ තෙවැනි එක්දින තරගයටද මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
පල්ලෙකැලේ පිටිය ආවරණ වලින් සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. දඹුල්ලේ පැවැති පළමු හා දෙවැනි තරගයටත් වර්ෂාවෙන් බාධා ඇතිවිය.
කෙසේ වෙතත් දෙවැනි තරගය එංගලන්තය ඩක්වර්ත් ලුවස් න්‍යායට අනුව ජයගත්තේය. ඒ අනුව ඔවුන් 1-0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවෙයි.