පිලියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් විසි දෙනකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
එම කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ට සහ ලියුම් බෙදන්නෙකුර ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සිදුකරන ලද රැපික් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව ඉකුත් බ්‍රහස්පතින්දා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත අහඹු ලෙස සේවක සේවිකාවන් තිස් පස් දෙනෙකු පි සි ආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළ බවත් එයින් 18 දෙනකු ට කොරෝනා වෛරසය ආසාධිත වී ඇති බවට ඊයේ 2 දින ලද වෛද්‍ය වාර්තාවලින් තහවුරු වූ බව වෛද්‍යවරයා කීය.
ප්‍රධාන තැපැල් කාර්යාලය විසබීජහරණය කිරීමෙන් අනතුරුව සේවා සැපයීම සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් තැපැල් දෙපාර්තමේන්තුව මගින් ගනු ඇතැයි වෛද්‍ය වරයා කීය.
පිලියන්දර තැපැල් කාර්යාලයට අනුබද්ධ උප තැපැල් කාර්යාල කිහිපයක්ද කොරෝනා වයිරසය හේතුවෙන් වසා දමා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.