පෑලියගොඩ පොලීසියේ දී තරුණයෙකුට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
“පෑලියගොඩ පොලිස් ස්ථානයේදී තරුණයෙකුට පහර දී තිබෙනවා පොලිස් ස්ථානය ඇතුලේ. මම මහජන ආරක්ෂක අමාත්‍යවරයා හැටියට පොලිස්පතිතුමාට නියෝග කලා වහාම ඒ අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරල වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න කියලා.
පොලිස් ස්ථානයක් තුළ ඒ වගේ පහරදීමක් කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් පවත්වන ගමන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි අපි වැඩ තහනම් කරලා ඊට පස්සේ අපි පරික්ෂා කරලා බලනවා මෙතැනදී කුමක්ද සිදුවුනේ කියලා"