පාලම් පිපිරවීමක් සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු පරීක්ෂා කිරීමක් සිදුකළ බවත් එහි සත්‍යතාවක් නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“පාලම් ආශ්‍රිතව පිපිරීමක් සිදුවන බවට සඳහන් වන ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ ප්‍රචාරය වන ආකාරය දුටුවා.
ඒ ලිපිය මගින් සිදුකර තිබෙන්නේ ලැබුණ තොරතුරක් මත අදාළ බලධාරීන් හා අදාළ අංශ හුදෙක්ම දැනුවත් කිරිමක් පමණයි.
ඒ ලිපියේ සඳහන් කරුණු ගැන වැඩිදුර පරීක්ෂා කිරිම් කරලා තිබෙනවා. ඒ වැඩිදුර පරික්ෂා කිරිම්වලදී තහවුරු වුණා ඒම තොරතුරේ සත්‍යතාවක් නොමැති බවට. ඒ අනුව ඒ ගැන බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නෑ.”