බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි විලියම් කුමරු කොවිඩ් 19 වසංගතයට භාවිත කරන එන්නතේ පළමු මාත්‍රාව අඟහරුවාදා දිනයේදී ලබාගෙන තිබුණි.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ විලියම් කුමරු එන්නත ලබා ගැනීම සඳහා තම අවස්ථාව එනතුරු රැදී සිටිය බවයි.
විලියම් කුමරුගේ මෙම ක්‍රියාව එරට සමාජ මාධ්‍ය තුළ ඉතා ඉහළින් අගය කර තිබූ බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.
එංගලන්තයේ පුද්ගලයන් 57 855 958ක් වෙත එන්නත් ලබාදීමෙන් පසුව මෙසේ විලියම් කුමරු සිය පළමු මාත්‍රාව ලබාගෙන තිබේ.
එංගලන්තය මේ වන විට පුද්ගලයන් 36 985 505කට පළමු මාත්‍රාව ලබාදී ඇති අතර දෙවැනි මාත්‍රව පුද්ගලයන් 20 870 453ක් වෙත ලබා දී තිබේ.