අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව සිටි බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු සුවය ලබා ඊයේ (16දා) ලන්ඩන් හි කිං එඩ්වඩ් රෝහලෙන් පිටව ගොස් තිබේ.
දෙවන එලිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන 99 හැවිරිදි බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු මෙසේ රෝහලෙන් පිටව ගොස් තිබුණේ සති හතරක කාලයක් රෝහල්ගතව සිටීමෙන් පසුවය.
එඩින්බරෝ හි ආදිපාදවරයා වන පිලිප් කුමරු අසනීප තත්ත්වයක් සමග පසුගිය පෙබරවාරි 16දා කිං එඩ්වඩ් රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහුට කොවිඩ්-19 ආශ්රිත රෝගාබාධයකට ප්‍රතිකාර නොකෙරුණත්, ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුරට ප්‍රකට වීමක් නොවීය.
මෙම මාසය ආරම්භයේදී ඔහු ලන්ඩන් හි විශේෂ හෘද රෝග මධ්‍යස්ථානයකටද මාරු කරනු ලැබූ අතර එහිදී ඔහු කලින් පැවති හෘද රෝගී තත්වයක් සඳහා සාර්ථක ප්රතිකාරයකටද ලක්ව තිබුණි.