කොවිඩ්-19 වසංගතයට එරෙහිව ඒකාබද්ධව සටන්කොට ආර්ථික ප්‍රකෘතිය සඳහා චීනය පිලිපීනය සමග ස්ථිරව පෙනී සිටින බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී අවධාරණය කරයි.
පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ සමග පැවති සාකච්ඡාවකදී වැන්ග් මේ බව කියා සිටියේ එරට හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් පළමු කොවිඩ්-19 එන්නත් තොගය පිලිපීනයට නොමිලේ ලබාදීමට චීනය තීරණය කර ඇති බවයි.
චීන ව්‍යවසායන්ගෙන් එන්නත් ලබා ගැනීම පහසු කිරීම සඳහා චීනය පිලිපීනයට සහාය වනු ඇතැයි චීන විදේශ ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ වසංගතය පරාජය කිරීමට හොඳම ක්‍රමය සහයෝගිතාව බව පෙන්වා දෙමිනි.
පිලිපීනයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව මේ වනවිට සමස්ත ආසාදිත අගය 498,691ක් වන අතර, වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,884කි.