පිලිපීනය වෙත චීනයෙන් මිලදී ගත් සීනොවැක් හි කොරෝනාවැක් කොවිඩ්-19 මර්දන එන්නත් තොගයක් ඊයේ (29දා) ලැබී තිබේ.
මෙම කොරෝනාවැක් එන්නත් තොගය පිලිපීනයේ චීන තානාපති හුවාං සිලියන් සමග මැනිලා අගනුවර පිහිටි ගුවන් හමුදා කඳවුරකට පැමිණීම පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ විසින් පිළිගනු ලැබීය.
සෞඛ්‍ය ලේකම් ෆ්රැන්සිස්කෝ ඩියුක් පැවසුවේ එන්නත පැමිණීම ඉතා කාලෝචිත හා අතිශය තීරණාත්මක බවයි. විශේෂයෙන් මෙට්‍රෝ මැනිලා සහ ඊට යාබද පළාත්වල කොරෝනා වෛරස් ආසාදන ඉහළ යමින් පැවතීම ඊට හේතුවයි.
චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොවැක් එන්නත් තොග දෙකක් මීට පෙර පෙබරවාරි මාසයේදී පිලිපීනයට පැමිණ ඇති අතර, අග්නිදිග ආසියානු රටට මාර්තු 01දා සිට සිය එන්නත ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමට හැකිවූයේ ඒ අනුවය.
විශේෂයෙන්ම පරිත්‍යාග හා වාණිජ ප්‍රසම්පාදන යන අවස්ථා දෙකෙන්ම පිලිපීනයට එන්නත් ලබා දුන් පළමු හා එකම රට චීනයයි.
මේ අතර චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්‍රාව 800,000ක් ඊයේ (29දා) නේපාලයට පැමිණියේය.
එන්නත් තොගය චීනයේ සීනොෆාම් විසින් නිපදවූ එන්නත්ය. නේපාලයේ චීන තානාපති හූ යැන්කි සහ නේපාලයේ ෆෙඩරල් කටයුතු හා සාමාන්‍ය පරිපාලන අමාත්‍ය හෘදේෂ් ත්‍රිපාති කත්මණ්ඩු අගනුවර පිහිටි ගුවන් තොටුපළට පැමිණ මෙම එන්නත් තොගය පිළිගෙන තිබුණි.
"නේපාලයට ලබාදුන් අතිරේක ප්‍රදානයක් ලෙස කොවඩ්-19 එන්නත් මාත්‍රාව අටලක්ෂයක් නොමසුරුව ලබා දීම ගැන රජයට සහ චීනයේ ජනතාවට අවංක ස්තූතිය පුද කිරීමට කැමතියි" නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.