පාලන මිලෙන් වැඩි මිලට සහල් අලෙවි කිරීම සහ මිල ප්රදර්ශනය නොකොට සහල් අලෙවි කිරිම දඹුල්ල ප්රදේශයේ බොහෝ වෙළඳසැල් වල සිදුකෙරෙන බව පාරිභෝගික සේවා අධිකාරියේ මාතලේ දිස්ත්රික් ප්රධානීන් රේණුක කුමාර මහතා පැවසීය.
පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්රික් ප්රධානියා ඇතුළු කණ්ඩායමක් මේ දිනවල දඹුල්ල ,සීගිරිය ,ගලේවෙල, නාඋල ආදි ප්රදේශ වල වැටලීම් වල නිරතව සිටිති.
මෙහිදී පාලන මිලට වැඩියෙන් සහල් විකුණු වෙළඳසැල් රැසක් අනාවරණය කරගත් බවත් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් රේණුක කුමාර මහතා සඳහන් කළේය.
එමෙන්ම ගලේවෙල සීගිරිය සහ දඹුල්ල ප්රදේශවල බොහෝ වෙළඳසැල් හිමියන් ඉතා සූක්ෂම ලෙස මිල ප්රදර්ශනය නොකර රුපියල් 98ක පාලන මිලට වඩා වැඩියෙන් හාල් අලෙවි කිරිමේ ක්රියාවලියක නිරත වන බවත් ඇතැම් වෙළඳසැල් හිමියන් පාලන මිලයට සහල් අලෙවි කිරිම සිදුකරන බව ද සඳහන් කළේය.
ඇතැම් වෙළඳසැල් හිමියන් දැනුවත් කොට නැවත මෙම වැරැද්ද සිදු නොකරන ලෙස ඉල්ලා සිටියේ යැයිද දිස්ත්රික් ප්රධානියා සඳහන් කළේය.
සහල් මිලදි ගැනීමේදී පාලන මිලට වඩා වැඩියෙන් මුදල් ලබා නොදී මිල විමසා පාරිභෝගික අයිතිය පිළිබඳව දැනුවත් වන්නැයි පාරිභෝගික ජනතාවගෙන් ඒ මහතා ඉල්ලීමක්ද කළේය.
දඹුල්ලේ පිහිටි ඇතැම් සුපිරි ගණයේ සහ මහා පරිමාණ වෙළඳසැල්වල ද ඉතා සූක්ෂම ලෙස අනෙකුත් පාරිභෝගික භාණ්ඩ මිලදි ගැනීමේදී සහල් වලට මිල එකතු කරද්දී වැඩි මිලක් එකතු කොට මුදල් ලබා ගන්නා ක්රමවේදයන් කිහිපයක් පිළිබඳව පාරිභෝගිකයන් තමා වෙත පැමිණිලි කොට ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ දිනවල දිගින් දිගටම දඹුල්ල ,ගලේවෙල, නාඋල, මාතලේ ආදී ප්රදේශවල වැටලීම් සිදු කරගෙන යන බවද වැඩි මිලට සහල් විකුණන සියලුම වෙළෙන්දන්ට විරුද්ධව නීතිය ක්රියාත්මක කිරීමට පසුබට නොවන බවද මාතලේ පාරිභෝගික අධිකාරියේ දිස්ත්රික් ප්රධානියා රේණුක කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
දැනටමත් දඹුල්ල මාතලේ ලග්ගල සහ රත්තොට ආදී ප්රදේශවල වැඩි මිලට සහල් අලෙවි කළ හා මිල ප්රදර්ශනය නොකළ වෙළෙන්දන් විසි දෙනෙකුට වැඩි ප්රමාණයකට නඩු පවරා තිබෙන බවත් සඳහන් කළේය. මෙම වැටලීම් සඳහා මාතලේ පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් වන අමිල අතුකෝරල, ඩිලාන් ජයසූරිය, ගයාන් දිසානායක යන නිලධාරීහු කණ්ඩායමට අමතරව දඹුල්ල පොලීසියේ පරිසර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ද එක්ව සිටියහ.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස