පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්වන බවත් අද පෙරවරුව වන විට තුන්වන රැල්ලෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 711ක් බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි.
ඊට අමතරව මේ වන විට පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ආසාදිතයිත් හඳුනාගැනීමේ දී පී.සී ආර්.පරික්ෂණ ප්‍රතිපල ලැබීමේ ප්‍රමාදය නිසා අහඹු ලෙස පරික්ෂාවට ලක් කෙරෙන පුද්ගලයින්ගෙන් රෝගය පැතිරීමේ අවදානමක් ද පවතින බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගයේ ව්‍යාප්තිය පිළිබඳව අප කළ විමසුමක දී ය.
වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සහල් මෝලක සේවය කරන පුද්ගලයින් 300 කගේ පමණ කරන ලද පී. සී. ආර්.හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලින් 26 දෙනෙකු ආසාදිතයන් බවට තහවුරු වීමත් තවත් 100 දෙනෙකුගේ පමණ ප්‍රතිපල ලැබීමට තිබීමත් නිසා එම ප්‍රදේශයේ ද අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.
කෙසේ වෙතත් එසේ හඳුනාගත් පළමු ආශ්‍රිතයන් සියලු දෙනා එම වීමෝල් කර්මාන්ත ශාලාවේම නිරෝධායන කර තිබෙන බවත් ඉන් පිටතට ඒමට තිබෙන ඉඩ බොහෝ දුරට පාලනය කර ඇති බව ද හෙතෙම කීය.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේව අධ්යක්ෂ කාර්යාලයේ හා පොලොන්නරුව මහ රෝහලේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන 6 ම මේ වන විට ආසාදිත රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව ද හෙතෙම අනාවරණය කළේ ය.