පෝලන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ගෙවීගිය දිනයේ වාර්තාගත ලෙස කොවිඩ්-19 ආසාදන ඉහළ ගොස් ඇති අතර, එය සටහන් වී ඇත්තේ ආසාදිතයන් 18,820ක් ලෙසිනි.
එමෙන්ම රජයේ නවතම දත්තවලට අනුව බදාදා මරණ 236ක් වාර්තා වී තිබේ.
මේ සමග පෝලන්තයේ සමස්ත නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 299,049ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 4,849ක් දක්වා ඉහළ ගොස් තිබේ.