රට තුළ පවතින වසංගතය හමුවේ පොල්ගහවෙල ප්‍රාදේශිය සභාවට අයත් ළමා උද්‍යාන තාවකාලිකව වසා දැමීමට පොල්ගහවෙල ප්‍රාදේශිය සභාව පියවර ගෙන ඇත.
ඒ අනුව පොල්ගහවෙල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් වීරඹුගෙදර, පොතුහැර, පොල්ගහවෙල යන ළමා උද්‍යාන 03 මෙසේ තාවකාලිකව වසා ඇත.
මේ සම්බන්ධයෙන් පොල්ගහවෙල ප්‍රාදේශිය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක මහතාගෙන් අප විමසූ විට පැවසුවේ රටේ යම් යම් ප්‍රදේශවල කොරොනා ව්‍යසනය හමුවේ සිය බල ප්‍රදේශය තුළ ඇති ළමා උද්‍යාන දරු දැරියන්ගේ හා මහජනයාගේ සෞඛ්‍ය ආරක්ෂාව පතා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි .