පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
පොල්ගහවෙල සෞඛ්‍ය බලප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත් 87 දෙනෙකුගෙන් පසුගිය (17) දා කළ පී.සී .අර් පරීක්ෂණ වාර්තා අද ( 21 ) දා උදෑසන ලැබීමෙන් පසු මෙම ආසාදිතයින් වාර්තාවන බවත් එම ආසාදිතයින් අතර බුළුගොල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයින් දෙදෙනෙකු සිටින බවත් අනෙකුත් ආසාදිතයින් බැවිල්ගමුව , මැද්දලන්ද වැල්ලෑව,ආරගොඩ , කුරිපොත්ත යන ප්‍ර දේශවලින් වාර්තා වන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසීය.
අලව්ව අධිකාරී මුදියන්සේ