බිබිල ටැම්ගොඩ රාජ මහා විහාරයේ විද්යානන්ද පිරිවනේ ඉගෙනුම ලබමින් සිටි හිමිනමක් ඊයේ (04දා) පන්සලේ ශ්රමදානයක නිරතව සිවියදී පොල් කොටයකට යටවී සිදුවු අනතුරකින් අපවත් වු බව පොලිසිය කියයි.
විහාරස්ථානයේ වැඩ වාසය කළ අරවාකුඹුරේ සංඝරතන හිමියෝ (16) මෙසේ අපවත්වුහ.
විහාරස්ථානයේ 04 දින උදේ පැවත්වු ශ්රමදානයකට සහභාගි වු හිමිවරුන්ගෙන් පස් නමක් එක්ව පොල් කොටයක් ඉවත් කිරීමට ඔසවාගෙන යද්දී කොටය බිමට වැටෙන අවස්ථාවේ අපවත් වූ හිමිනමගේ හිසට වැටී තුවා සිදුවීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරින් හිසට බරපතල තුවාල සිදුවූ හිමිනම බිබිල රෝහලට ගෙන යන විටත් අපවත් වී සිටිය බව පොලීසිය කියයි.
බිබිල පොලිස් සථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආරියබන්දු වෙදගෙදර මහතාගේ උපදෙස් මත නිළධාරීන් පරීක්ෂණ පවත්වයි.
ලුණුගල ප්රසන්න පත්මසිරි