පේරු හි තහවුරු වූ කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව ගෙවීගිය දිනයේ 7,386කින් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (31දා) උදෑසන වනවිට එරට සමස්ත ආසාදිත අගය වාර්තා වූයේ 155,671ක් වශයෙනි.
මේ අතර එම දිනය තුළ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 141ක් රට තුළ වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 4,371ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
බ්‍රසීලයට පසුව ලතින් ඇමරිකාවේ කොවිඩ්-19 ආසාසදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ පේරු රාජ්‍යයෙනි.