රිදීමාලියද්ද ප්රාදේශීය සභා මන්ත්රීවරියකට පහරදුන් එම ප්රාදේශීය සභාවේම මන්ත්රීවරයෙක් ඇතුළු පහක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පෙරේදා (10දා) මෙම පහරදීම් සිදුකර ඇති අතර අදාළ සැකකරුවන් අද (12දා) අත්අඩංගුවට ගෙන තිබේ.
මහියංගණයේ පදිංචි සැකකරුවන් පස් දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.