පේරු සිය කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය අඟහරුවාදා දියත් කළේ චීනයේ සීනොෆාම් එන්නත් මාත්‍රාවන් ඉදිරි පෙළ සෞඛ්‍ය වෘත්තිකයන්ට ලබාදෙමිනි.
ලීමා හි අර්සොබිස්පෝ ලොයිසා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය නිලධාරීන් වෙත මෙම වැඩසටහන ආරම්භ කරමින් එන්නත් ලබාදුන් අතර, සීනොෆාම් විසින් ඉරිදා ලබාදුන් මාත්‍රාව 300,000න් පළමුව එන්නත් ලබා ගැනීමට වෛද්‍ය නිලධාරීන්ට අවස්ථාව ලබාදී තිබේ.
ඒ අනුව සෞඛ්‍ය නිලධාරීන්, පොලීසිය සහ හමුදා නිලධාරීන් ඇතුළු මිලියනයක් එන්නත් කිරීම වහාම ආරම්භ කිරීමට රට සැලසුම් කර ඇති බව රජය පවසයි. පළමු වටයේ එන්නත් මාර්තු මාසයේදී ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව පේරු හි කොවිඩ්-19 රෝගීන් මිලියන 1.18කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 42,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.