පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අලුතෙන් ඉදි කෙරුණු සිව්මහල් ශිෂ්‍ය නේවාසිකාගාරයක් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් (31) එම විශ්වවිද්‍යාලයේ උපකුලපති උපුල් බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි .
කොවිඩ් රෝගීන් 400 දෙනකු සඳහා ප්‍රතිකාර කිරීමේ පහසුකම් ඇති එම අතරමැදි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පෙරදෙණිය ශික්ෂණ රෝහලේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර එහිදි යම් රෝගියකු අසාධ්‍ය තත්ත්වයට පත්වුවහොත් ෂණිකව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ පහසුකම්ද සපයා තිබේ . පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එහි ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් හිමි වේ.
ෂේන් සෙනෙවිරත්න