අප්‍රේල් 21 දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදි ප්‍රහාර පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරිමට පත්කළ විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබාදීම සඳහා තවත් මාසයක කාලයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ අවසරය අද (18) ලැබුණි.
මෙම විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් කිරිමට සැලසුම් කර තිබුණු බවත්, එම කාලය ප්‍රමාණවත් නොවන බැවින් ඔක්තෝම්බර් 31 දක්වා කාලය දීර්ඝ කිරිමට අවසර ඉල්ලා සිටින බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පසුගිය මැයි 22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවක් අනුව පත්කරන ලද මෙම විශේෂ කාරක සභාවේ කාලසිමාව පාර්ලිමේන්තුවෙ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව දිර්ඝ කරන බවද සභානායකවරයා සඳහන් කළේය.