ප්‍රංශයේ පැරිස් අගනුවර නව කොරොනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග එය නරක අතට හැරීමෙන් ලබන සතියේ පැරිස් අගනුවර යළිත් සම්පූර්ණ ලොක්ඩවුන් (අගුලු දැමීමකට) තත්ත්වයකට පත්වීමේ අවදානමක් පෙන්වයි.
මේ වනවිට පැරිස් නගරය සිය උපරිම අනතුරු ඇඟවීමේ කාණ්ඩයට ඇතුළත් කර ඇත්තේ ආසාදිතයන් දෛනිකව වාර්තා වීමේ සීමාව සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි මට්ටමට වඩා ඉහළ යාම නිසා බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පැවසීය.
ඒ අනුව ආසාදිත අනුපාතය පුද්ගලයන් 100,000කට 250ක් දක්වා ළඟාවන විට ප්‍රංශය උපරිම අනතුරු ඇඟවීමේ සීමාව කරා ළඟා වී තිබේ.
අවම වශයෙන් දැඩි සත්කාර ඇඳන් 30%ක් මේ වනවිටත් නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ භාවිතයට ගෙන ඇති අතර, වැඩිහිටියන්ගේ ආසාදන අනුපාතය 100,000කට 100 ඉක්මවයි.
ඒ අනුව පැරිස් කලාපය මේ වනවිටත් අවසාන නිර්ණායක දෙක පසුකර තිබීම තැතිගන්වනසුලු තත්ත්වයක් බව කියයි.