පරිසරයට සිදු කරන හානි සහ මහජන පැමිණිලි විමර්ශනය කිරීම සදහා විශේෂ හදිසි කඩා පැනීමේ ඒකකයක් පිහිටුවීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
පරිසර අමාත්‍යංශයට අනුබද්ධව ක්‍රියාත්මක වන ආයතනවල වැඩකටයුතු කාර්යක්ෂම කිරීම මෙන්ම මහජනතාව වෙතින් ඉදිරිපත් වන පැමිණිලි විමර්ශනය කිරීම සදහා මෙම ඒකකය පිහිටුවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත උපදෙස් දී තිබෙනවා.
පරිසර අමාත්‍යංශයට අනුබද්ධ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මධ්‍යම පරිසර අධිකාරිය ඇතුලු ආයතනවල කාර්යයන් සදහා මෙම ඒකකය මැදිහත් වනු ඇති.