පරිසරය විනාශ කරමින් නීතිවිරෝධීව කටයුතු කරන ඕනෑම අයෙකුට තරාතිරම නොබලා දඩුවම් ලබා දීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පරිසර සංරක්ෂණ වැඩසටහන්වල දී දිවයිනේ සියලුම පරිසර සංවිධාන එකමුතුවෙන් හා ඔවුන්ගේ අදහස් හා යෝජනා ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව පළමුවරට සියලුම පරිසර සංවිධානවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් අද දින ( 29) පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
මේ දිනවල රටේ විවිධ පුද්ගලයින් විසින් නොයෙක් ව්‍යාපෘති සඳහා අප රටේ වනාන්තර විනාශ කරන බවට රජයට නැගෙන චෝදනා සම්බන්ධව එම නියෝජිතයෝ අමාත්‍යවරයාගෙන් කරුණු විමසුහ. එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍ය තුළ පළවන එම වන විනාශයන් සම්බන්ධව පරිසර අමාත්‍යාංශය සොයා බලා ඇති අතර සත්‍ය සිදුවීම් වාර් තා වන්නේ හතරක් හෝ පහක් බවයි. අනිකුත් කාරණා සියල්ල අසත්‍ය බව තහවුරු වු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන් දෙකකටම ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලනඥයින් දෙදෙනෙක් සම්බන්ධව සිටින බව තහවුරු වු බවත් ඔවුන් දෙන්නාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.
එමෙන්ම පරිසර අමාත්‍යාංශයේ හෝ අනුබද්ධ වෙනත් ආයතනයක සේවය කරන ඇතැම් නිලධාරින් ද පරිසර හානි පැමිණවීම සඳහා දායක වන්නේ නම් ඔවුන්ට ද නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් පියවර ගන්නා බවත් පරිසරය විනාශ කිරීමට පියවර ගන්නා කවරෙකුට වුවද එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පරිසර සංරක්ෂණය උදෙසා අමාත්‍යාංශය විසින් පුලුල් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන අතර ඒ යටතේ විදේශ රටවල සිට ආනයනය කරන භාණ්ඩ ඛාණ්ඩ 05ක් ලබන වසරේ ජනවාරි මස 01 දින තහනම් කිරීමට ද මේ වනවිට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.