පරිසරය සුරැකිමට දේශපාලන භේදයක් අවශය නොවන බව ඉඩම් හා ඉඩමි සංවර්ධන හා පරිසර හා වනජිවි සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පරිසර හා වනජිවි සම්පත් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතාගේ මෙහෙය විමෙන් ක්‍රියාත්මක පිවිතුරු ලංකා පාරිසරික සංරක්ෂණ වැඩපිළිවෙල පිළිබඳව සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරිමේ වැඩමුළුවකට එක්වෙමින් ඊයේ (3) මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු චන්ද්‍රසේන මහතා,
තමුන්නාන්සේලාට නගරවල තැන් තැන් වල කුණු එකතු වෙලා තියෙන්න බෑ. මේක නියෝගයක් නෙවෙයි. නමුත් ජනාධිපතිතුමාගේ දර්ශනය ඒකනේ. අපි ඒ අනුව තමයි ක්‍රියා කළ යුත්තේ. එක නිසා තම තමන්ගේ නගර පිරිසුව තබා ගැනිමේ වගකිම නමුන්නාන්සේලාට සෘජුවම පැවරෙනවා. පරිසරය ආරක්ෂා කිරිමට දේශපාලන භේදයක් අවශ්‍ය නැහැ. ප්‍රදේශ භේදයක් නැහැ. මෙවර අමාතයාංශය බෙදාදිමේදි විද්‍යාත්මකව හදලා තියෙනවා. ඉතින් එකේ ප්රතිලාභ අපි ජනතාවට ලා දෙන්න ඕනා. පිවිතුරු ලංකා පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘතිය අපි හදලා කැබිනට් අනුමැතියට යොමු කරලා තියෙන්නේ. එක අද තමුන්නාන්සේලාට භාර දෙනවා. ඒ වගේම කසල ප්‍රතිචක්‍රීකරණය උපකරණ නැත්නම් අදම අපිට කියන්න. අපි ඒ සඳහා අවශ්‍ය පසුබිම හදලා දෙන්නම් යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදි පැවසිය.
මෙම වැඩමුළුවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර , අමාත්‍යාංශයේ ලේකම් ජයන්ති විජේතුංග සහ පරිසර අමාත්‍යාංශයේ යටතේ පවතින ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.