ජනාධිපති අපේක්ෂකයන් ජනතාවට ලබාදෙන ප්රතිඥාවලදී සහ සිය මැතිවරණ ප්රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ තම ප්රතිපත්තිය පැහැදිළිව ඉදිරිපත් කළයුතු බව ජනාධිපති මෛත්රීපා සිරිසේන මහතා පවසයි.
ලොව පුරා සිදුවන පරිසර විනාශය අද මිනිසා ප්රමුඛ සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය අහිමිකරමින් සිටින බවත් එබැවින් දේශපාලනඥයන්ගේ ප්රතිපත්ති ප්රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ වගකීමට අංක 01 හිමිවන බව ද ජනාධිපතිවරයා ප්රකාශ කළේය.
ජනාධිපති පාරිසරික සම්මාන උලෙළ 2019 ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් අද (29දා) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රංගශාලාවේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.